නමුත් අලූත්ම පරීක්ෂණයකින් ඔප්පු වී තිඛෙනවා කාන්තාවන්ගේ ලිංගික ආශාව හෝමෝන ක්‍රියාවලිය මත පමණක් තීරණය නොවන බව.
එය හෝමෝන ක්‍රියාවලියට එහා ගිය සංකීර්ණ ක්‍රියාවලියක් මගින් සිදුවන බව මෙහිදී අනාවරණය කරගෙන තිඛෙනවා.
ඇමරිකාවේ මිචිගන් සරසවියේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ මෙම අධ්‍යනයෙන් හෙළිවී ඇත්තේ කාන්තාවන්ගේ ලිංගික ආශාව ඇති කිරීම සඳහා හෝමෝන විසින් සිදුකරන්නේ කුඩා කාර්යභාරයක් බවයි.
මෙම පරීක්ෂකයින් පවසන ආකාරයට කාන්තාවන් තමන්ගේ සහකරු සමඟ තිඛෙන සම්බන්ධතාවය සහ වෙනත් මනෝවිද්‍යාත්මක කරුණු ඔවුන්ගේ ලිංගික ආශාව සහ තෘප්තිය කෙරෙහි ඇති කරන බලපෑම විශාලයි.
ඔබ අසා ඇති ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය ගැන. එය තමා ප්‍රධාන කොටම ගැහැණු පිරිමි දෙපාර්ශවයේම ලිංගික ආශාව ඇති කරන හෝමෝනය.
මෙම හෝමෝනය පිරිමින්ගේ වැඩිපුර නිපදවන අතර කාන්තාවන්ගේ ඊට සාපේක්ෂව අඩු වශයෙන් නිපදවනු ලබනවා.
ඔබ දැක තිඛෙනවාද පිරිමි ලක්ෂණ යම් යම් ප්‍රමාන වලින් ඇති කාන්තාවන්. ඒ කියන්නේ ශක්තිමත් අත්පා, පපුවේ සහ නිකටේ ගැන රෝම, රළු කටහ~ වගේ ලක්ෂණ. මේ කාන්තාවන්ගේ ටෙස්ටොස්ටෙරෝන් ශ්‍රාවය වැඩියි. ඒ නිසයි ඔවුන්ගේ පිරිමි ලක්ෂණ ප්‍රමුඛ වන්නේ.
ටෙස්ටොස්ටෙරෝන් වැඩි ප‍්‍රමාණයක් සහිත කාන්තාවන්ට එම ප‍්‍රමාණය අඩු කාන්තාවන්ට වඩා වැඩියෙන් ලිංගික ආශාවන් ජනිත වන බව සොයාගෙන තිඛෙනවා.
මීට අමතරව ප්‍රධාන වශයෙන්ම කාන්තාවකගේ මානසික සුවය හා තම ප්‍රේමවතයා සමඟ ඇති ප්‍රීතිමත් ඇසුර හෝමෝන ක්‍රියාවලියට වඩා තීව්‍ර ලෙස ඔවුන්ගේ සාර්ථක ලිංගික ජීවිතය සඳහා බලපාන බව පර්යේෂයනයෙන් හෙළිව තිබුණා.
මේ අනුව කාන්තාවන්ගේ ලිංගික ගැටළු හා ඒවාට බලපාන හේතු හඳුනා ගැනීමට මෙම සොයාගැනීම සහය වනු ඇති බවයි පැවසෙන්නේ.
හෝමෝන ක්‍රියා කරන ආකාරය අනුව කලබල වු බිය වු අවස්තාවක කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතාවය වැඩි වන අතර පිරිමින්ගේ එය අඩු වනවා.
හිතේ කලබල ගති, පීඩනය වගේම ආවේග වලදීත් කාන්තාවන්ට ලිංගික අවශ්‍යතාවය වැඩි වනවා. නමුත් පිරිමින්ට අඩු වනවා.
මේ සියල්ලටම වඩා හෝමෝන වලින් පමණක් පාලනය වන පිරිමින්ගේ ලිංගික අවශ්‍යතාවයට වඩා ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් මගින් පාලනය වන ගැහැණුන්ගේ ලිංගික ආශාව සහ තෘප්තිය මානසික බලපෑම මත රඳා පවතිනවා.